පාසල් දරුවන්ට නොමිලේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයවන ශ්‍රී ලංකා කොරියන් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමට නියමිතය.

බෝනොවන රෝග පාලනය කිරිම සදහා මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති පිළිබද මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සදහා තොරතුරු කාර්යාල වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරා මහතා අදාළ ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දුන්නේය.

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සුළු පරිමාණ අර්තාපල් ගොවීන් නගා සිටුවීම උදෙසා රජයේ ගොවිපලවල නිෂ්පාධිත අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත බෙදා දෙනු ලැබීය.