ගාල්ල ඇත්කඳුර ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වූ දෙල් සහ කොස් ගෙඩිවල හමු වූ , දළඹු විශේෂය “සේනා “ වර්ගයට අයත් නොවන බවත් එම විශේෂය “ඩයෆනියා කසෝලිස් “(Diaphania Caesolis) වර්ගයට අයත් බවත් දිස්ත්‍රික් කාෂි කර්ම අධ්‍යක්ෂ ජේ පොන්නම්පෙරුමආරච්චි මහත්මිය සඳහන් කර සිටියාය.

උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) එළඹෙන ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ජාතික ශිල්ප සභාව වාර්ෂිකව පවත්වනු ලබන හස්ත කර්මාන්ත තරඟයේ ජාතික මට්ටමේ ජයහ්‍රාහකයන් වෙත හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද (23) ප.ව.1.30ට බත්තරමුල්ල,අපේගම පරිශ්‍රයේ දී පැවැත්වෙයි.