Editor

Editor

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂී විද්‍යාඥයන්ගේ නවතම  පර්යේෂණ ප්‍රතිඵල එළිදකින වාර්ෂික සුළු අපනයන  බෝග පර්යේෂණ සමුළුව  ( ASMEC – 2017 )  සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය  ප්‍රාථමික  කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී අනිද්දා (16) සහ 17 දිනවලදී පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

සුදු සීනි සහ බ්‍රොයිලර් කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රමබලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රමබල  සමීක්ෂණය පවත්වනු ලබයි.

''අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු'' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන ලෝක ග්ලුකෝමා සතිය ආරම්භ වෙයි.මාර්තු 12 සිට ආරම්භ වූ ග්ලුකෝමා සතිය මාර්තු 18 දින දක්වා පැවැවෙයි.

මාලදිවයින් ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේදී ගුරු පුහුණුව ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.

අධ්‍යාපන නිලධාරීන් සමඟ ඊයේ (09) දින මාලදිවයින වෙත පිටත්ව ගිය බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

පාසල් මට්ටමෙන් පැවැත්වෙන ප්‍රධාන විභාග වන පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී එය වසරේ නිශ්චිත දින වකවානු තුළ සිදුකිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

2017 මාර්තු මස 10 වැනිදා අද පුවත්පත

2017 මාර්තුමස 10 වැනිදා අද පුවත්පත

2017 මාර්තු 9 වැනිදාරිවිර පුවත්පත