Editor

Editor

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රීකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර‍ හා සමාජීයවිද්‍යා පීඨයේ විශේෂ උපාධි අවසන් වසර සිසුන්ගේ නව අධ්‍යයන වර්ෂය ලබන 27 වැනි සඳුදා දින ආරම්භ කෙරේ.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2017 ආසියානු මළල ක්‍රීඩා, 2018 ආසියානු ක්‍රීඩා තරඟය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟය, 2018 ඉලක්ක කණිෂ්ඨ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25දෙනෙකුට හා එම සංචිතයන්හි පුහුණුකරුවන් 20දෙනෙකුවෙනුෙවන් මාසික පෝෂණ දීමනා පසුගිය ද ලබාදුන්නේ ය.

පාකිස්තානයේ පැවැත්වෙන ආසියානු බේස්බොල් ශූරතාවලියේ රන් පදක්කම සදහා පැවති තරඟයෙන් ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරදා 4 ට 2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසිදු දේශපාලන චරිත බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද අවධාරණය කළේය.

2017 මාර්තුමස 2 වැනිදා දිනමිණ පුවත්පත

2017 මාර්තුමස 02 වැනි දා රිවිර පුවත්පත

2017 මාර්තුමස 02 වැනිදා ලක්බිම පුවත්පත

පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණවලට සහභාගී කරවාගැනීම සහ බාහිර පුද්ගලයින් හෝ කණ්ඩායම් අවසරයකින් තොරව පාසල්වලට ඇතුළුවීම, සිසුන් ඇමතීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.